මිල්ලනියේ විදුහල්පතිනියගේ වැඩ තහනම්

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැ යි චෝදනා කරමින් සිසුන් කිහිප දෙනෙකුට පහර දී කෲරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කර තිබෙනවා.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශ්‍රීලාල් නෝනිස් සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු පරීක්ෂණයක් ද සිදු කරන බව යි.
ඊයේ අදාළ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළේ.

