නවක වධ සිද්ධීන් පිළිබඳ විමර්ශන CID යට

නවක වධ සිද්ධීන් පිළිබඳ විමර්ශන CID යට

නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන සහ ලැබී ඇති පැමිණිලි පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන්නැයි, පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බවට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදි ඇතැයි පෙලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

පසුගිය දින කිහිපය තුළ විශ්වවිද්‍යාලවල සිසුන්ට නවක වධය ලබාදීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබුණි.

COMMENTS