සනත් උසාවියට අපහාස කළ දර්ශන ලබාදෙන්න, මාධ්‍ය කිහිපයකට උසාවියෙන් නියෝග‍

සනත් උසාවියට අපහාස කළ දර්ශන ලබාදෙන්න, මාධ්‍ය කිහිපයකට උසාවියෙන් නියෝග‍

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට අපහාස කල බව කියන සිද්ධියට අදාළ විඩියෝ දර්ශන ලබාදෙන ලෙසට අභියාචනාධිකරණය රූපවාහිනි මාධ්‍ය ආයතන කිහිපයකට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකයට නියෝග කලා.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට අදාළ නඩු විභාගය අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ අද විභාගයට ගැණුනා. විත්තිකාර සනත් නිශාන්ත මහතා ද එහි දී අධිකරණය හමුවේ පෙනි සිටියා.

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය කරුණු දක්වමින් නඩුවට අදාළ චෝදනාපත්‍රය සකස් කිරිමේ කටයුතු මේ වන විට සිදුවන බව ප්‍රකාශ කලා. ඒ සදහා මාධ්‍ය ආයතන කිහිපයකින් අදාල වීඩියෝ දර්ශන ලබාගත යුතු බවයි ඇය කියා සිටියේ.

ඒ අනුව ලබන මස 11වනදාට පෙර එම වීඩියෝ දර්ශන ලබා ගැනීමට පියවරගන්නැයි නියෝග කලා. පැමිණිල්ල විභාග කිරිම ලබන මස 12වනදාට කල් තැබුණා.

COMMENTS