ඩයනට රට ගමන් තහනම්

රාජ්ය ඇමතිනි ඩයනා ගමගේට විදේශ ගතවීම මේ මස 17 වනදා දක්වා තහනම් කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් අද (11) නිකුත් කළා.
නීතීඥ ගුණරත්න වන්නිනායක ඇතුලු කණ්ඩායමක් විසින් ගොනුකළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළේ.

