ලෝක කුසලාන තරඟාවලියේ වීරයා තෝරන ලැයිස්තුවට වනියත්

ලෝක කුසලාන තරඟාවලියේ  වීරයා තෝරන ලැයිස්තුවට වනියත්

මෙවර ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඡන්ද විමසීමක් මේ වනවිට (11) ආරම්භ කර තිබෙනවා.

මෙවර තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 09ක්.

ඒ අතර විරාත් කෝලි, සූර්‍යකුමාර් යදාව්, ෂාහීම් ෂා අෆ්‍රඩී, සදාබ් ඛාන්, සිකන්ද රාසා, වනිඳු හසරංග, ජොස් බට්ලර්, ඇලෙක්ස් හේල් සහ සෑම් කරන් නම් කර තිබෙනවා.

මෙම ලැයිස්තුවට එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු සහ ඉන්දීය කණ්ඩායමෙන් ක්‍රීඩකයින් 02ක් ඇතුළත් කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකුත් මෙම ලැයිස්තුවට එක් කර ඇති අතර ප්‍රබල ඔස්ට්‍රෙලියානු, නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල කිසිදු ක්‍රීඩකයෙකු මේ සඳහා එක් කර නොමැති වීම ද විශේෂත්වයක්.

පහතින් දැක්වෙන දිගුව ඔස්සේ ඔබටත් මෙම ඡන්ද විමසීම සඳහා මනාපය පළ කළ හැකියි.

https://bit.ly/3g07Z15