ලංකාවේ නම ඉහළින් තබන්නට ධර්මෙට සහ මඩුගල්ලට අනගි අවස්ථාවක්

ලංකාවේ නම ඉහළින් තබන්නට ධර්මෙට සහ මඩුගල්ලට අනගි අවස්ථාවක්

මෙරටින් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මෙවර 20යි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරඟයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කොට ඇත.

කුමාර් ධර්මසේන මීට පෙර 2015 හා 2019 එක්දින ලෝක කුසලාන ද්විත්වයේ මෙන්ම 2016, විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරඟයේදීත් පිටියේ විනිසුරු ලෙසින් ක්‍රියා කොට තිබේ.

ඒමෙන්ම ඒක්දින ලෝක කුසලානයක් ක්‍රීඩා කළ හා විනිශ්චය කළ ලෝකයේ එකම පුද්ගලයා ලෙසින්ද ධර්මසේන මේ වන විට වාර්තාවක් තබා අවසන්ය.

ලබන 13 වන ඉරිදා මෙල්බර්න් හිදී පැවැත්වෙන පන්දුවාර විස්ස අවසන්මහා තරඟයේදී ශ්‍රී ලංකාවට තවත් කීර්තියක් අත්කරමින් තරඟ තීරකවරයා ලෙස ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ල ද ක්‍රියා කිරීමට නියමිතව තිබේ.

COMMENTS