ලෝක කුසලානය අස්සේ ඕස්ට්‍රේලියාවේ ඉඩම් විකුණපු දස්සා

T20 ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඕස්ට්‍රේලියාවේදී ඉඩම් විකිණීම සම්බන්ධ වී ඇතැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
එහිදී අර්ජුන රණතුංග දැක්වූ අදහස්,
“ඕස්ට්‍රේලියාවේ ප්‍රමොර්ට් කරනවා අපේ කැප්ටන් ලෑන්ඩ් සේල් බිස්නස් එකක්, දසන් අහනවා ප්‍රොපටි ගැන ප්‍රශ්න මෙච්චර Injuryes එනවා. අනෙක් රටවල අයට ලේකම් තුමා Injuryes ආවේ අරවා මේවා නෙවෙයි, ඇගිල්ල කැඩිච්ච ඒවා, පොඩ්ඩක් බලන්න අපේ යන්නේ කකුල්, අපේ බෝලය වැදිලා කවුරුවත් Injury වුණේ නැහැ. ෆිට් නැති Injury එන්නේ ක්‍රිකට් Fitness නැති Injury අපේ තියෙනවා” යනුවෙන්.
දසුන් ශානක එම තරගාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙළඳාම් සමාගමක් ප්‍රවර්ධනය කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියවේදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළේ.

