හෙට මැච් එකට වැස්සොත් වෙනත් දිනයක් – ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ටිකට් විකුණයි

පාකිස්ථානය සහ එංගලන්තය අතර හෙට (13) පැවැත්වෙන අවසන් මහතරඟයට වර්ෂාවෙන් බාධා වුවහොත් ඊට වෙනත් දිනයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට ඉරිදා දිනයේදී තරඟයට වර්ෂාවෙන් බාධා වුවහොත් සදුදා දිනයේදී තරඟය පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
මේ අතර හෙට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට වැසි ඇතිවිය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබුණා.
මේ අතර මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ වීරයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් 9 දෙනෙකුගේ නම් අද ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලැබුවා.
මෙම ක්‍රීඩකයින් 9 දෙනා අතර සිටින එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ මේවන විට තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වන වනිඳු හසරංගයි.
ඔහු මෙවර තරඟ 8කට සහභාගී වී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 15ක්.
මීට අමතරව නිර්දේශිත සෙසු ක්‍රීඩකයින් වන්නේ ඉන්දියාවේ විරාත් කෝලි, සූර්යකුමාර් යාදෙව්, පකිස්ථානයේ ශඩාබ් ඛාන්, ෂහීන් අෆ්රිඩි, එංගලන්තයේ සෑම් කරන්, ජෝස් බට්ලර්, ඇලෙක්ස් හෙල්ස් සහ සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසායි.
ඒ අතරවාරයේදී එංගලන්තය හමුවේ පරාජය වූ ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට තිත තැබීමත් සමඟින් එරට ක්‍රීඩා ලෝලීන් දැඩි කණස්සල්ලට පත්වෙද්දී ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ද විවිධ අදහස් පළ කරනවා.
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් පවසන්නේ ඉදිරියේදී ඉන්දීය පන්දුවාර 20 කණ්ඩායම මෙහෙයවීම වගකීම හර්දික් පාණ්ඩ්‍යා හිමිවනු ඇති බවටයි.
ඉන්දීය කණ්ඩායමේ මෙම පරාජයත් සමඟින් උරණ වූ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් හෙට පැවැත්වෙන ලෝක කුසලානයේ අවසන් මහා තරගය වෙනුවෙන් මිලදීගත් ප්‍රවේශපත් ඔවුන් යළි විකුණා තිබුණා.
මේ අතර අනිද්දා පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයේ තරග තීරකවරයා ලෙස ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල සහ පිටියේ විනිසුරුවරයකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කරන බව ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශ කළා.
අවසන් තරගයේ ධර්මසේනගේ පිටියේ විනිසුරු සඟයා වන්නේ දකුණු අප්‍රිකාවේ මරේ එරස්මස්.

