අද දහවල් 1න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි

අද දහවල් 1න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල දහවල් 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලත් උදය කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

COMMENTS