කප් එක ආසියාවට ද? සුද්දන්ට ද? තීරණය අද

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟය එංගලන්තය සහ පාකිස්තානය අතර අද (13) මෙල්බර්න් හි දී පැවැත්වෙනවා.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතව ඇති අතර, තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවටයි එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කළේ.
එලෙස තරඟයට බාධා එල්ල වුවහොත් හෙට දිනයේ තරඟය පැවැත්වෙන අතර, ඊටද වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් කණ්ඩායම් දෙකටම සම ශූරතාවය හිමිවනු ඇති.
1992 වර්ෂයේ එක්දින ලෝක ශූරතාවය සඳහා එංගලන්තය සහ පාකිස්තානය මීට පෙර තරඟ කර ඇති අතර, එහිදී පාකිස්තානය එක්දින ලෝක ශූරතාවය දිනාගත්තේ හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන්.
මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් සුපිරි ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ කුමාර් ධර්මසේන මහතා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) නම් කොට ඇත.
ධර්මසේන මීට පෙර 2015 හා 2019 එක්දින ලෝක කුසලාන ද්විත්වයේ මෙන්ම 2016, විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් සුපිරි ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ කුමාර් ධර්මසේන මහතා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) නම් කොට ඇත.
ධර්මසේන මීට පෙර 2015 හා 2019 එක්දින ලෝක කුසලාන ද්විත්වයේ මෙන්ම 2016, විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේදීත් පිටියේ විනිසුරු ලෙසින් ක්‍රියා කොට ඇත.
ඒමෙන්ම ඒක්දින ලෝක කුසලානයක් ක්‍රීඩා කළ හා විනිශ්චය කළ ලෝකයේ ඒකම පුද්ගලයා ලෙසින්ද ධර්මසේන මේ වන විට වාර්තාවක් තබා අවසන්ය.
අද (13) මෙල්බර්න් හිදී පැවැත්වෙන මෙම අවසන්මහා තරගයේදී ශ්‍රී ලංකාවට තවත් කීර්තියක් අත්කරමින් තරග තීරකවයරයා ලෙස ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ල මහතා ක්‍රියා කිරීමට නියමිතය.යේදීත් පිටියේ විනිසුරු ලෙසින් ක්‍රියා කොට ඇත.

