ඔරුවක් පෙරළී අතුරුදන් වූ දැරියන්ගේ සිරුරු සොයා ගැනේ

සූරියවැව – මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ පිරිසෙන් ඊයේ දිනය තෙක් හමු නොවුණු දරුවන් දෙදෙනාගේ මෘතශරීර සොයාගෙන තිබෙනවා.
අද (13)උදෑසන මෙම දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා පොලිසිය හා නාවික හමුදා කිමිදුම් අංශය විසින් මෙහෙයුම් දියත් කළ අතර, එහිදියි මියගිය සිරුරු සොයාගැනුණේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16 හා 18 යන වයස්වල සිටි එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක්.
මෙම පිරිස රැගත් ඔරුව පෙරළීමෙන් එහි ගමන්ගත් 08 දෙනාගෙන් පස්දෙනෙකු බේරාගැනීමට ප්රදේශවාසීන් කටයුතු කළ අතර, අතුරුදන් වූවන් තිදෙනාම ගැහැණු දරුවන්.
ඊයේ දිනයේ දී ම වයස අවුරුදු 10ක් වූ ගැහැනු දරුවෙකුගේ සිරුර සොයාගැනීමට නාවික හමුදාවට හැකි වුව ද සෙසු දෙදෙනාගේ සිරුරු අද උදෑසන සොයාගන්නා තෙක් හමුවුණේ නැහැ.
කුරුණෑගල සිට දානමය පිංකමක් සඳහා සූරියවැව ප්රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් මසුන් අල්ලන ඔරුවකින් මහවැලිකඩආර වැව නැරඹීම සඳහා ගිය අවස්ථාවේ ඊයේ දහවල් ඔරුව පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
සබැඳි පුවත :- https://bit.ly/3Gcw67y

