තරුණියකගේ Fb ගිණුම සොරා ගෙන දාන්න ගිය සෙල්ලමෙන් වැඩ වැරදිලා

තරුණියකගේ Fb ගිණුම සොරා ගෙන දාන්න ගිය සෙල්ලමෙන් වැඩ වැරදිලා

මුහුණු පොත (Face Book ) මේ වනවිට විශාල පිරිසක් භාවිතා කරන මෙවලමක් බවට පත් වෙලා තියෙනවා , ඒ හරහා සිදුකරන අකටයුතුකම්ද බොහෝ අවස්ථාවලදී අසන්නට දකින්නට ලැබෙනවා.

මේ වන විට ජංගම දුරකථනය විශාල පිරිසකට අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබුණද එම පසුබිම හමුවේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය, විශ්වාසවන්ත බව තාක්ෂණයත් සමඟ අද වනවිට දැඩි ලෙස අභියෝගයට ලක්වී තිබෙනවා.

මේ පුවත වාර්තා වෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයෙන්, ඒ මුහුණු පොතේ ගිණුමක් සොරාගෙන ඒ ඔස්සේ අසභ්‍ය ඡායාරූප පළ කරමින් තරුණියන් අපහසුතාවයට පත් කිරීමේ පුවතක්.

බණ්ඩාරගම ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක් තම ජංගම දුරකථනයේ ඇතිවූ තාක්ෂණික ගැටළුවක් නිරාකරණය කර ගැනීම ජංගම දුරකථනය අසල නිවසක දුරකථන අළුත්වැඩියාව පිළිබඳව දැනුමක් ඇති තරුණයෙකුට ලබා දී තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් ජංගම දුරකථනයෙහි මුරපද සහ විද්‍යුත් ලිපිනය වෙනස් කරමින් තරණියගේ ෆේස් බුක් ගිණුම සොරාගෙන ඇත්තේ ඒ අතරතුරයි.

ඒ පිළිබඳව සැලවීමත් සමඟ අදාළ තරුණිය බණ්ඩාරගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිළි කර තිබෙනවා.

තරුණියගේ පැමිණිල්ලට අනුව බණ්ඩාරගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් තරුණියගේ ඥාතීන් සහ තරුණයාගේ ඥාතීන් අතර පවතින ඉඩම් ආරවුලක් හේතුවෙන් අදාළ තරුණිය අපහසුතාවට පත්කිරීම සඳහා මෙම ක්‍රියාව සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

COMMENTS