තෙල් මිලේ සුළු ඉහළ යාමක්

තෙල් මිලේ සුළු ඉහළ යාමක්

පසුගිය සතියට සාපේක්ෂව ලෝක වෙළඳපලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා ඩොලර් 88.96 ක්ව පැවති ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල අද (14) දිනය වනවිට සටහන් වුණේ ඩොලර් 89.67 ක් ලෙසයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් පසුගිය සිකුරාදා ඩොලර් 93 යි ශත 94 ක් ලෙස දැක්වුණු අතර, එය අද ඩොලර් 96 යි ශත 77 ක් දක්වා ලෙස සටහන් වුණා.