ධනිෂ්ක දෙවන වරටත් ඇප ඉල්ලයි

ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් මේ වන විට ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත්වේල්ස් පොලිස් අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සිය දෙවන ඇප ඉල්ලුම් පත්‍රය යොමු කර තිබේ.
ඒ අනුව, එම ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 8 වන දින නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් සිදු කරනු ලැබීමට නියමිත ය.
නොවැම්බර් 7 වන දින ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයේදී මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් විසින් ඔහුගේ මූලික ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලදී.
පසුව ඔහු සිඩ්නිහි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

