රනිල්ගේ පළමු අය වැයට කැබිනට් අනුමැතිය

අද(14) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පස්වරු 1.30ට ලබන වසරට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙවර අයවැයෙන් රජයේ වියදම් ඇස්මේන්තුව ලෙස රුපියල් බිලියන 7,885ක් වෙන් කිරීමට ඉන් යෝජනා කෙරෙනවා.

