T20 පිටියේ ඉන්දියාව තවමත් පෙරමුණේ

T20 පිටියේ ඉන්දියාව තවමත් පෙරමුණේ

පන්දු වාර විස්ස ලෝක කුසලානය එංගලන්තය ජයග්‍රහණය කිරීමත් සමඟ අයි.සී.සී. නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ඉන්දියාව පෙරමුණේ පසුවන අතර, එංගලන්තය එහි දෙවන ස්ථානයේයි පසුවන්නේ.

තුන්වන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව නවතම ශ්‍රේණි ගතකිරීම්වලට අනුව හතරවන ස්ථානයට පැමිණ තිබෙනවා.

පාකිස්ථානය ශ්‍රේණිගතකිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සී. වාර්තා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තවදුරටත් ශ්‍රේණි ගතකිරීම්වල අටවන ස්ථානයේ පසුවනවා.