අදත් ගිගුරුම් සහිත වැසි

අදත් ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

COMMENTS