රාජ්‍ය ව්‍යවසායන්හි සේවක බදු ආයතනයෙන් ගෙවීම අත්හිටුවයි

රාජ්‍ය ව්‍යවසායන්හි සේවක බදු ආයතනයෙන් ගෙවීම අත්හිටුවයි

රාජ්‍ය සේවයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමට ජනපති කොමිසන් සභාවක් පිහිටුවන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, බදු ව්‍යූහය ඇතුළු සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ලබා දීම සඳහා බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිසමක්ද පිහිටුවන බව සඳහන් කළා.

එමෙන් ම පෞද්ගලික අංශයේ රැකියාවල නිරත සේවකයින්හට රැකියාව අහිමි වුවහොත් මාස තුනකට දීමනාවක් ලබාදීමට හැකි රක්ෂණාවරණයක් සහ රක්ෂණ අරමුදලක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර අයවැයෙන් යෝජනා කළා.

එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන ලබන වසරේ අප්‍රේල් පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට සහ රාජ්‍ය ව්‍යවසායකයින් විසින් රාජ්‍ය සේවකයින්ගේ උපයන විට ගෙවීම් බද්ද ගෙවීම ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට අත්හිටුවීමට අයවැයෙන් යෝජනා කරනවා.

එසේම විශේෂ කාණ්ඩ හැරුණුකොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18ක සේවා කාලයකින් පසු විශ්‍රාම යෑමට හැකියාව පවතින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

COMMENTS