කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් චාමික විසි වෙයි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් චාමික විසි වෙයි

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න, කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් මුදා හැරීමට එම කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

මීට අමතර ව මෙම සංචිතයෙන් ශිවම් මාවි, පැට් කමින්ස් සෑම් බිලිංග්ස් සහ මොහොමඩ් නබී යන ක්‍රීඩකයන් ද මූලික සංචිතයෙන් මුදා හැරීමට යි කොල්කටා නයිට් රයිඩර්ස් කළමනාකාරිත්වය තීරණය කර ඇත්තේ.

පසුගිය තරග වාරය සඳහා පළමු වරට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තෝරා ගැනුණු චාමික කරුණාරත්න හට එම තරගාවලිය තුළ දී කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට නො හැකි වූ අතර, නිමා වූ ලෝක කුසලාන තරගාවලිය තුළ දීත් ඔහුගෙන් කිසිදු විශේෂ දක්ෂතාවක් ප්‍රකට වුණේ නෑ.

කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් ඔහු ව ඉවත් කිරීමට මෙම කරුණු බලපාන්න්නට ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.