දරුවන් වෙනුවෙන් දුරකතන අංකයක්

ළමා ආරක්ෂණ අධිකාරිය දරුවන් සඳහා වන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි උපකාරක දුරකතන සේවාවක් හදුන්වා දී තිබෙනවා.
දිවයින පුරා දරුවන් සම්බන්ධ ගැටලු හා පැමිණිලි භාෂා ත්‍රිත්වයෙන් 1929 නැමති හදිසි උපකාරක අංකය භාවිත කර ඉදිරිපත් කළ හැකි බවයි කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළේ.
කාන්තාවන් සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1938 හදිසි උපකාරක දුරකතන සේවාව භාවිතා කළ බව යි.

