හමුදාවෙන් හරියට ඉවත් වෙන්න අද සිට පොදු සමා කාලයක්

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් අද (15 වැනිදා) සිට ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ වසරේ 2022 ඔක්තෝබර් 25 වැනිදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මෙම පොදු සමා කාලය වලංගුවේ.
නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට කටයුතු කරන පුද්ගලයන් තමන්ගෙන් යම් මුදලක් අයවීමට තිබේ නම් සේවයෙන් ඉවත් වීමට පෙර එම මුදල ගෙවිය යුතු බවද ආරක්ෂක අමාත්‍යංශය දන්වා සිටියි.

