පාස් පෝට් ගාස්තු හෙට සිට ඉහළට

පාස් පෝට් ගාස්තු හෙට සිට ඉහළට

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරන ගාස්තුව හෙට (17) සිට බලපැවැත්වෙන පරිදි ඉහත දමා තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා ද ඉහළ දමා ඇති අතර, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා ගාස්තුව රුපියල් 15000 සිට රුපියල් 20000ක් දක්වා ඉහළ යන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.