කෝටිපති ව්‍යාපාරිකයෙක් ගිනි අවියකින් වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගනී

මහනුවර දිගන ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මංගල ගුණවර්ධන සිය පෞද්ගලික ගිනි අවියෙන් ගෙළ ප්‍රදේශයට වෙඩි තබා ගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තබා ගැනීමෙන් අනතුරුව බරපතළ තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කොට හදිසි ප්‍රතිකාර ලබා දෙමින් සිටි අවස්ථාවේ මරණයට පත්ව ඇත.
පොලිසිය සඳහන් කළේ, මෙම පුද්ගලයාට මහනුවර ප්‍රදේශයේ ගොඩනැගිලි රැසක් ද හිමිව තිබූ අතර ඔහුට අයත් දිගන නගරයේ පිහිටි තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක ඔහුගේ කාර්යාලයේදී අද (16) පස්වරු 12.15 ට පමණ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ගෙන ඇති බවට සැක කරන බව ය.
මිය ගිය ව්‍යාපාරිකයා මහනුවර, පල්ලෙකැළේ, දිගන හා තෙල්දෙණිය මෙන් ම දිවයිනේ ප්‍රධාන නගරවල ව්‍යාපාර රැසක හිමිකරුවෙකු වන අතර රථවාහන අලෙවි ආයතන, උකස් තැබීමේ මධ්‍යස්ථාන, ලී බඩු ව්‍යාපාර, විවිධ වෙළෙඳ ඒජන්සි ඇතුළු මහා පරිමාණයේ ව්‍යාපාර රැසක් ද ඔහුට අයත්ව තිබූ බව සඳහන් වේ.
54 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා ‘දිගන මංගල’ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වා ඇති අතර ඔහු මෙරට ප්‍රබල දේශපාලඥයින්, ප්‍රබල ව්‍යාපාරිකයින් හා සමාජයේ උසස් පුද්ගලයින් රැසක් ද ඉතා සමීපව ඇසුරු කළ බව සඳහන් වේ.
මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය විමර්ශන සිදුකරනවා.

