අන්තරේ වැලිකඩ වටලයි

අන්තරේ වැලිකඩ වටලයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා සිවිල් සංවිධාන එක්ව කොළඹ නගරයේ දී අද (18) දැවැන්ත විරෝධතා පා ගමන් දෙකක් පැවැත්වූ අතර, වැලිකඩ බන්ධනාගාරය දක්වා පැමිණි පිරිස ඉන් අනතුරුව විසිර ගියහ.

මෙම විරෝධතාව හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වූ බවයි වාර්තා වෙන්නේ.