බන්ධනාගාර යළි පිරෙයි

බන්ධනාගාර යළි පිරෙයි

බන්ධනාගාරවල තදබදය යළිත් ඉහළ ගොස් තිබෙනවා.

අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ, පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති දැඩි කිරීමත් සමඟ ඒ සම්බන්ධ සැකකරුවන් දෛනිකව රක්ෂිත බන්ධනාගාරගත වීම ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බවයි.

අබිං හා විෂ මත්ද්‍රව්‍ය පනත සංශෝධනය කිරීමත් සමඟ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ නීති දැඩි විය.

ඒ අනුව දෛනිකව අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 400 දෙනෙකු පමණ රක්ෂිත බන්ධනාගාරගත වන බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව මේ වනවිට 26,000 ඉක්මවා ඇති බවය.

ඒ අනුව බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ.