තෙල් මිල පහළට

තෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් යළිත් වරක් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට දෙකකින් පහළ ගොස් ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 2.16 කින් පහළ ගොස් ඩොලර් 87.62 ක් ලෙස දැක්වෙන අතර, ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.56 කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව එහි මිල අද(19) සටහන් වුණේ ඩොලර් 80.08 ක් ලෙසයි.

COMMENTS