දුම්රිය කාලසටහන වෙනස් වෙන ලකුණු

ලබන සතියේ සිට දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
දුම්රිය අවසන් ගමනාන්තයට ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බවට එල්ලවන චෝදනා හේතුවෙන් එම තීරණය ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ
දුම්රිය මාර්ගවල පවතින දෝෂ සහ නඩත්තු කටයුතු හේතුවෙන් දුම්රිය වේග සීමා පැනවීමත් සමග සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කිරීමේ දී ගැටලු පැන නැගී තිබේ.
ඒ හේතුවෙන් කාර්යාල දුම්රිය, කොළඹ කොටුව සහ අනෙකුත් ගමනාන්තයන් වෙත ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ඒ හරහා කාර්යාල සේවකයින් පත්වන අපහසුතා සැළකිල්ලට ගෙන දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ.

