මාර්ග සංවර්ධන අධිකාරියේ දහසකට ස්ථාන මාරු

මාර්ග සංවර්ධන අධිකාරියේ දහසකට ස්ථාන මාරු

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු දහසකට ආසන්න සේවක සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් කියා සිටියේ අදාළ ස්ථාන මාරුවීම් ලබන වසරේ ජනවාරි ආරම්භයේ සිට ක්‍රියාත්මක බවයි.

පසුගිය වසරේ රට තුළ පැවති තත්ත්වයත් සමඟ වාර්ෂික ස්ථාන මාරුවීම් සිදුකර නොමැති අතර, මීට පෙර අවසන් වරට ස්ථාන මාරුවීම් සිදුකර තිබුණේ 2019 වසරේදීයි.

මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් කියා සිටියේ.