කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවෙලා

කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවෙලා

අනුරාධපුර – මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින් අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, ගොවි එකමුතුවක් යැයි පවසන සංවිධානයක පිරිසක් පෙරේදා මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වී ඇති බවයි.

මේ අතර මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් හා බලහත්කාරයෙන් ඇතුලුවූ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ගොවි එකමුතුව යැයි කියාගන්නා සංවිධානයක පිරිසක් මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයට ඇතුලු වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම ඉදිරියේදි කිසිම පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව බලහත්කාරයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිඳු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට ඇතුළුවීමට ඉඩ නොදීමට අදාළ ආයතන බලධාරින්ට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය.

නීත්‍යනුකූල ගොවි සංවිධාන ලෙස පිළිගනු ලබන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින ගොවි සංවිධාන හා ඒවායෙහි නියෝජිතයින් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ය.

COMMENTS