පාසල් කිහිපයක ගුරුවරියෝ ඇඳුම වෙනස් කරගෙන

දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරියන් අද (21) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත වාර්තා කර තිබෙනවා.
ඒ සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම් කුර්තා ආදී සැහැල්ලු ඇඳුම්වලින් සැරසී පාසල්වෙත පැමිණ තිබු බව වාර්තා වෙනවා.
ඔවුන් පවසන්නේ, වත්මන් ආරථික අර්බුදය හේතුවෙන් සාරි ඇඳීම වියදම් අධික කාර්යක් බව යි.
ගුරුවරුන්ගේ ඇඳුම වන සාරිය කිසි ලෙසකින් වෙනස් කිරීමට තීරණය නො කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉකුත් දිනක දී ප්‍රකාශ කළා.
ඒ, පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ගුරුවරුන්ට ද සාරිය වෙනුවට වෙනත් සුදුසු වෙනත් ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට ඉඩදෙන ලෙස ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මීට පෙර ඉල්ලීමක් ද කර තිබූ අතර එයට මහා සංඝරත්නය විරෝධය පළ කර තිබිණි.

