පාසල් අසල බුද්ධි අංශ සීරුවෙන්

පාසල් අසල බුද්ධි අංශ සීරුවෙන්

පාසල් ළමයින්ට මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සොයා පාසල් අවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඒ පසුගිය දින කිහිපයේ ප්‍රදේශ කිහිපයකින් මත් කරල් සහ මත්පෙති හමුවීමේ සිද්ධීන් මුල් කරගනිමින්.

මේ අනුව මෙවැනි මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පාසල් ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, වසර හතරක කාලයක් මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා එක්වූ ගාල්ල පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සිටි ලිස්ටා නැමති සුනඛයා අද අලුයම මියගිය අතර, එම සත්වයා හෙරොයින්, අයිස් ඇතුලු සඟවා තිබෙන මත්ද්‍රව්‍ය සොයාගැනීමේ වැටලීම් දහසකට පමණ එක්ව තිබෙනවා.

COMMENTS