රාජ්‍ය මුද්‍රණාල සේවකයින් බලය පෙන්වයි

රාජ්‍ය මුද්‍රණාල සේවකයින් බලය පෙන්වයි

රාජ්‍ය මුද්‍රණාල සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, අතිකාල දීමනා ගෙවීමේ ගැටලුවක් මුල් කර ගනිමිනි.

රජයේ මුද්‍රණාල වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිත නුවන් බුද්ධික මහතා සඳහන් කළේ, තම සේවකයින් මාස ගණනාවක් තිස්සේ මෙම අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ ද විසඳුමක් නොලැබුණු බවයි.

මේ පිළිබඳව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේ, මෙම ගැටලුව පිළිබඳව අද (23) දිනයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කරන බවයි.

කඩිනමින් ගැටලුවට විසඳුම් ලබා දෙන බව ද ඇය ප්‍රකාශ කළා ය