රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් ගැටෙයි – 11කට තුවාල

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එම පීඨයේ දෙවන වසරේ සහ අවසන් වසරේ සිසුන් දෙපිරිසක් අතර අද (27) පෙරවරුවේ අධ්‍යයන කටයුත්තක් සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.
පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී එකිනෙකාට පහරදී ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙම සිද්ධියට සිසුන් 40 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇති බවට මූලික පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

