පෘතුගාලය සහ බ්‍රසීලය සුපිරි 16 දෙනාගේ වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවති තරඟය පෘතුගාලය ජය ගත්තේය.
තරඟයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත.
දෙවන අර්ධයේ 9 වෙනි මිනිත්තුවේදී පෘතුගාල ක්‍රීඩක බෲනෝ ෆර්නෑන්ඩස් තරඟයේ පළමු ගෝලය වාර්තා කළේ ය.
එම අර්ධයේදී ද උරුගුවේ කණ්ඩායමට කිසිදු ගෝලයක් රැස් කිරීමට හැකි වූයේ නැත.
ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේ පෘතුගාලය වෙනුවෙන් සිය දෙවන ගෝලය වාර්තා කිරීමට බෲනෝ ෆර්නෑන්ඩස් සමත් විය.
තරගය අවසන් වුණේ, ගෝල 2ට 0ක් ලෙස පෘතුගාලය ජය ගනිමිනි.
ඒ අනුව පෘතුගාලය සුපිරි 16 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
මේ අතර බ්‍රසීලය ද 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරඟ වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ.
ඒ, ස්විට්සර්ලන්තයට එරෙහිව පැවති තරඟය ජය ගැනීමත් සමඟයි.
කටාර්හී නයින් සෙවන් ෆෝ ක්‍රීඩාංගණයේ පැවති තරඟ නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව 43000කට අධිකය.
ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වුණේ නැත.
තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ, බ්‍රසීලයයි.
තරගයේ 83 වන මිනිත්තුවේදී බ්‍රසීල ක්‍රීඩක කැසෙමිරෝ තරඟයේ පළමු ගෝලය වාර්තා කළේ ය.
ස්විට්සර්ලන්ත කණ්ඩායමට දෙවන අර්ධයේදී ද ගෝල රැස් කිරීමට හැකි වුණේ නැත.
ඒ අනුව තරඟය, ගෝල 1ට 0ක් ලෙස ප්‍රබල බ්‍රසීලය කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.

