ශ්‍රී ලංකාවට එක එල්ලේ සුපිරි 8 වටයට පිවිසීම අභියෝගයක්

ශ්‍රී ලංකාව සමඟ ඉරිදා පැවති එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් පසු ඇෆ්ගනිස්තානය ලබන වසරේ ICC ක්‍රිකට් ලෝක කුසලානයට ඔවුන්ගේ ස්ථානය තහවුරු කර තිබෙනවා.
මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයට ලැබුනු අමතර ලකුණු 5 සමග එම කණ්ඩායම වත්මන් ලකුණු සටහනේ මුළු ලකුණු 115 දක්වා ඉහලට ගෙන ගියා.
මේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවත් සමඟින් ඔවුන් වත්මන් ශ්‍රේණිගත කිරීම් වල හත්වන ස්ථානයේ ආරක්ෂිතව සිටින අතර, සුපර් ලීග් වටය අවසානයේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නාගන්නා කණ්ඩායම් අටට ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දු ඕවර 50 ලෝක කුසලානයේදී ස්වයංක්‍රීය ස්ථානයක් හිමි වෙනවා.
ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන සුපිරි 8 දෙනාගේ ස්ථානයට පිවිසෙද්දී ශ්‍රී ලංකාවට ඒ සඳහා ඇති අවස්ථාව තවත් පටු වූයේ පෙරේදා (27) තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීම නිසාවෙන්.
මේ සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙන්නට අවශ්‍ය කරන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ තරග හතරක් පමණයි.
ඒ අනුව ඔවුන් ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තුන්වන එක්දින තරගය සහ නවසීලන්තය සමඟ පැවැත්වෙන සමස්ත තරගාවලිය ජය ගත යුතු වනවා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ නම ඉදිරියෙන් ප්‍රසාද ලකුණු 67ක් පමණක් ලබා එම සටහනේ 10 වැනි ස්ථානයේ පසුවන අතර හෙට (30) බදාදා පල්ලෙකැලේ දී පැවැත්වෙන ඇෆ්ගනිස්තානය සමඟ තරගය පරාජය කලහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 10 ක් ද සමගින් වත්මන් තරගාවලිය සම කළ හැකියි.

