ඉන්දියාවේ රුපියල ලංකාවටත් ?

ඉන්දියාවේ රුපියල ලංකාවටත් ?

ශ්‍රී ලාංකිකයනට ඇමෙරිකානු ඩොලර් 10000 ක අගයකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් භෞතික වශයෙන් ළඟ තබා ගැනීමට ඉන්දීය රජය අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය රුපියල් ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් නොවූවත් ශ්‍රී ලංකාව, ඉන්දීය රුපියල් මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ඒකකයක් වශයෙන් නම් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ඉන්දීය මධ්‍යම රජය මෙම තීරණය ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

මෙම තීරණයත් සමග මෙරට පදිංචි ඉන්දියානුවන්ට දැන් ඉන්දීය රුපියල් වෙනත් මුදල් ඒකකයකට පරිවර්තනය කිරීමට හැකි වනු ඇති අතර මෙය සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකා බැංකුව විසින් “INR nostro ගිණුම්” විවෘත කිරීම සඳහා ඉන්දියානු බැංකුවක් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුයි.

මෙම විධිවිධානය මීට මාස කිහිපයකට පෙර ඉන්දියාව විසින් අනුමත කරන ලද අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය රුපියල නම් කරන ලද විදේශ මුදල් ඒකකයක් ලෙස තවමත් දැනුම් දී නැහැ.

https://bit.ly/3VkTZyi