දරුවන් 21,000කට මන්දපෝෂණය

දැනට කළ සමීක්ෂණවලට අනුව ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඔහු එහි දී වැඩිදුරටත් කියා සිටියේ, එම තත්ත්වය 40,000 දක්වා වැඩි වනු ඇතැ යි අපේක්ෂා කරන බව යි.
එමෙන්ම ඊට කඩිනම් විසඳුම් මේ වන විටත් සැලැසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

