බවුසර් රථයක් යතුරු පැදියක ගැටෙයි – කාන්තාවක් මරුට

බවුසර් රථයක් යතුරු පැදියක ගැටෙයි – කාන්තාවක් මරුට

ත්‍රීකුණාමලය – පුල්මුඩේ ප්‍රධාන මාර්ගයේ නාවච්චාලේ ප්‍රදේශයේ දී ත්‍රීකුණාමලය දෙසට ධාවනය වූ බවුසර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනා කුච්චවේලි රෝහලට ඇතුළත් කිරීමේ දී යතුරුපැදිකාරිය මිය ගොස් තිබෙනවා.

නිලාවේලි ප්‍රදේශයේ පදිංචි මිය ගිය කාන්තාව වයස අවුරුදු 46ක අයෙක්. බවුසර් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

COMMENTS