අද තරඟය දිනන්න හොඳ සැලසුමක් තියෙනවා – පැතුම් නිස්සංක

අද තරඟය දිනන්න හොඳ සැලසුමක් තියෙනවා – පැතුම් නිස්සංක

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය අද (30) පැවැත්වීමට නියමිතයි.

තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේදී අද දහවල් 2.30ට ආරම්භවීමට නියමිතව ඇත.

මෙම තරඟාවලිය මේ වන විට තරග 2ට 1ක් ලෙස ජයගෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

දෙවන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරඟය අතහැර දැමුණි.

මේ අතර සැලසුම් රැසක් සමඟ ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසයි.

තරඟයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක.

“හැම තරගයකටම අපිට සැලසුම් තියෙනවා. ඒවා තරගයෙන් තරගයට වෙනස්වෙනවා. මේ තරගයටත් සැලසුම් දාගෙන තියෙන්නේ. කණ්ඩායමත් එක්ක කතාකරලා ඒවා හරියට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ තරග අපිට හැම එකක්ම අපිට වැදගත් අපි බලන්නේ හැම තරගයක් ම ජයග්‍රහණය කරන්න.

ඇත්තටම මං ගැන මට සතුටක් තියෙනවා. මම බලන්නේ මගේ දේ මගේ රට වෙනුවෙන් දෙන්න. ෆිට්නස් කියන්නේ ක්‍රීඩකයෙකුට ගොඩාක් වැදගත් දෙයක් අපි ඒක දැනගන්න ඕන පෞද්ගලිකව කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. ඒකට මම පෞද්ගලිකව වැඩ කරනවා. මගේ කණ්ඩායමේ පුහුණුකරු එක්ක වැඩ කරනවා. මම හිතනවා මට ඒක ලොකු උදව්වක් වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් ලොකු සතුටක් තියෙනවා මම පටන් ගත්ත විදියයි දැන් ඉන්න විදියයි.

ඉතින් මම මං ගැන ලොකු සතුටක් තියෙනවා. තරගාවලියක් ඉවර වෙනකොට ඊලඟ තරගාවලියට සූදානම් වෙන්න ඕන.විවාහය ගැන සතුටුයි පෞද්ගලිකව මොනවා වුණත් රට වෙනුවෙන් සෙල්ලම් කරද්දී ඒ රාජකාරිය අපි හරියට කරන්න ඕන අපි ඉතින්. ඒ හින්දා මට ආයෙමත් කණ්ඩායමට එකතුවෙන්න වුණා. මුල්තැන දෙන්න ඕන ක්‍රීඩාවට. මගේ බිරිඳගෙන් ඒකට බාධාවක් නෑ.” යනුවෙන්

COMMENTS