පහසු ඇඳුමේ චක්‍රලේඛය අවලංගු කෙරේ

පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 2019.06.26 නිකුත් කළ 13/2019 (1) හා 2022.09.27 දින නිකුත් කළ 05/2022 චක්‍රලේඛ අවලංගු වනු ඇතී.
1989.02.01 දිනැති 8/89 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සහ නිල ඇඳුම් නියම කර ඇති රජයේ නිලධරයන්ට නිල ඇඳුම් සම්බන්ධයෙන් අදාළ වන අනෙකුත් චක්‍රලේඛ වලංගු වෙනවා.

