වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළට

වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළට

මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මේ වන විට නියමිත අගයට වඩා ඉහළ මට්ටමක පත්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි කියා සිටියේ කොළඹ, මහනුවර, යාපනය සහ පුත්තලම යන නගරවල මෙම තත්ත්වය වැඩි වශයෙන් නිරීක්ෂණය වන බවයි.

මේ වසරේ නොවැම්බර් මාසයේ සිට මාර්තු දක්වා ඉන්දියාවේ වායු දූෂණ තත්ත්වය ඉහළ යන අතර එමගින් මෙරට වායුගෝලයට ද බලපෑම් එල්ල වන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.