ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දෙසැම්බර් මස 02 දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු සහ නැඟෙනහිර පළාත්වල උදෑසන කාලයේ ද වැසි ඇති විය හැකි අතර, උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වනු ඇති.
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
මේ අතර, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

