සමෘද්ධි ප්රතිලාභ සුදුස්සන්ට, නුසුදුසු අයට නෑ – ජනපති

සමෘද්ධි ප්රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් හඳුනා ගෙන එම වැඩසටහනෙන් නුසුදුසු පුද්ගලයන් ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ, අද (01) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්. අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන ද ජනාධිපතිවරයා අදහස් දැක්වූ අතර, මෙරට විශ්වව්ද්යාලයවල ප්‍රතිසංස්කරණ කිහිපයක් ම ඇති කළ යුතු බව සඳහන් කළා.

