එංගලන්තයේ ලෝක වාර්තාවක් හමුවේ – ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි

එංගලන්තයේ ලෝක වාර්තාවක් හමුවේ – ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු දිනයේ ලකුණු 506/4 රැස්කරමින් එංගලන්තය ඊයේ (01) ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

එය සැලකෙන්නේ පළමු දිනයේ දී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එංගලන්ත කණ්ඩායම පකිස්තානයේ දී ටෙස්ට් තරගයකට සහභාගීවන්නේ වසර 17කට පසුව වීම විශේෂත්වයකි.

රාවල්පින්ඩි හීදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයේ ආරම්භක පිතිකරුවන් වන සැක් ක්‍රෝලි ලකුණු 122 න් හා බෙන් ඩකට් ලකුණු 107 ක් රැස්කළහ.

ඔලී පොප් ලකුණු 108 ක් හා හැරී බෘක් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත්වූහ.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගයක් ලෙසින් පැවැත්වුණු මෙම තරගය පාකිස්ථානයේ රාවල්පිඩ්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා. පාකිස්ථානයට එරෙහිව මුලින් ම පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම අයහපත් ආලෝකය හේතුවෙන් පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 75ක දී කඩුලු 4ක් දැවී ලකුණු 506ක් ලබා සිටියා.

නමුත් ටෙස්ට් තරගයක එක් දිනක දී කණ්ඩායමක් රැස්කළ වැඩි ම ලකුණු සංඛ්‍යාවට හිමි ශ්‍රී ලංකාව විසින් පිහිට වූ ලෝක වාර්තාව බිඳහෙලීමට එංගලන්තයට හැකියාව නොලැබුණේ ඔවුන්ගේ ඉනිම වාර්තාගත ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 3කට මෙහායින් නතර වීම හේතු කරගෙනයි.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පිහිටවා තිබූ වාර්තාව සටහන් වූයේ පන්දුවාර 104ක් තුළ කඩුළු 9ක් දැවී ලකුණු 509ක් ලබා ගැනීමක් ලෙසයි.

https://bit.ly/3XNMsK5