පාසල් සිසුවෙක් මෝටර් රථයක් තුළ සිරවී මිය ගිහින්

මෝටර් රථයක් තුළ පැය තුනකට අධික කාලයක් සිරවී සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ පිළියන්දල, මාම්පේ, ජයමාවත පදිංචිව සිටි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ සිය නිවසේ නවතා තිබූ මෝටර් රථය තුළට ඇතුළු වූ සිසුවා එහි සිරවී ඇති අතර, ඔහුට මෝටර් රථයේ දොරවල් විවෘත කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
පසුව මෙම සිසුවාගේ පියා පැමිණ මෝටර් රථයේ දොර විවෘත කර ඇති අතර ඒ වන විටත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසු වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.


