කැළණිතිස්ස බිඳවැටුණත් විදුලි සැපයුමට බාධාවක් නැහැ

කැළණිතිස්ස බිඳවැටුණත් විදුලි සැපයුමට බාධාවක් නැහැ

කැළණිතිස්ස බලාගාරය පද්ධතිය බිඳවැටුණත් විදුලි කප්පාදුව දිගුවීමක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ දැනට සිදු කෙරෙන විදුලි උත්පාදනය පවතින මට්ටමෙන් පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බවයි.

නැෆ්තා අවසන්වීම හේතුවෙන් කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රිය වුණා.

මේ හේතුවෙන් පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්.

මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයෙන් උත්පාදනය වන මෙගාවොට් 300 ක ධාරිතාව ද කඩිනමින් පද්ධතියට එකතුවනු ඇති බවයි.

COMMENTS