මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට

මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට

ලියනොල් මෙසී ප්‍රධාන ආර්ජන්ටිනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසි සිය පාපන්දු දිවියේ දහස්වැනි තරඟයට ඊයේ මුහුණදුන්නා.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති තරඟය, ගෝල 2 ට 1 ක් ලෙස ජය ගනිමිනි.

කටාර් හී අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ පැවැති තරඟය සඳහා 45,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වී සිටිය හ.

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී, සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ‌‌‌ගෝලය රැස් කළේ ය.

තරගයේ පළමු අර්ධය නිමා වූයේ, ගෝල 1ට 0 ලෙස ආර්ජන්ටිනා කණ්ඩායමට තරඟයේ වැඩි වාසි අතරකර දෙමින් ය.

තරඟයේ දෙවන අර්ධයේ, 57 විනාඩියේදී නැවත වරක් ක්‍රියාත්මක වූ ආර්ජන්ටිනාව සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය .

ඔස්ට්‍රේලියා කණ්ඩායම තරඟයේ 77 වන විනාඩියේදී ගෝලයක් වාර්තා කළත්, එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය .

ඒ අනුව ආර්ජන්ටිනාව ගෝල 2 ට 1 ක් ලෙස තරඟය ජය ගත්තේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ද ලබා ගනිමිනි.

COMMENTS