විදෙස්ගත ලාංකිකයින් එවන මුදල් ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

විදෙස්ගත ලාංකිකයින් එවන මුදල් ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අදාළ විදේශ මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන බවට පැතිර යන ප්‍රචාර ද සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන් ම තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ රුපියල් බවට පරිවර්තනය කිරීම සේවා නියුක්තිකයන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව මහ බැංකුව එහි සඳහන් කර ඇත.

එමෙන් ම, විදේශගතව සිටින සේවා නියුක්තිකයන්ට දැනට ලබා දී ඇති විවිධ දිරි දීමනා අඛණ්ඩව තවදුරටත් කිසිදු වෙනසකින් තොරව ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS