සුළි කුණාටුවක් පිළිබඳව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 320ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 7 සවස් වන විට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම පද්ධතිය දෙසැම්බර් 08 වැනි දින වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ වෙත ළඟා වීමට ඉඩ ඇති බව සඳහන්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බවට යි වාර්තා වන්නේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි යි.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි අතර, උතුරු, උතුරුමැද සහ නැඟෙනහිර පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි ස්වල්පයක් ඇති වනු ඇති.

