ගෝඨාභය කරපු වැඩක් නිසා ලංකාවට රු. මිලියන 5,978ක පාඩුවක්

ගෝඨාභය කරපු වැඩක් නිසා ලංකාවට රු. මිලියන 5,978ක පාඩුවක්

ජපන් ණය ආධාර යටතේ ආරම්භ කළ කොළඹ – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අහෝසි කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

කොළඹ මාර්ගවල රථවාහන තදබදය අවම කිරීම සහ මගී ජනතාවට යහපත් ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය සැලසුම් කෙරිණි.

2016 වසරේ ජපන් ණය ආධාර යටතේ ගිවිසුම්ගතව ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය 2020 වසරේදී ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීම පිළිබඳව විගණන වාර්තාවක් මගින් අනාවරණය කර ඇත.

එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇතැයි ඉන් පෙන්වා දී තිබේ.

යහපාලන රජය සමයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු අහෝසි කෙරිණි.

COMMENTS